Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

මම මට ගැළපෙන චරිලතවලට පමණයි සම්බන්ධ වෙන්නේ.

,
ඇය නිලියක්,නිවේදිකාවක් මෙන්ම ඇය කාන්තාවකි.සුරගන කිරිල්ලියේ වීඩියෝව තුලින් බොහෝදෙනා ඇයව හදුනා ගත්තේ නවක තරුවක් ලෙසිනි.ඇය අලංකි කිෂාණි.මෙවර සරසවි කලාපය තුල ඇය පිලිබදව ඇය කථාකලා.මේ එම ලිපියයි.

‘ඇත්තට මම කුඩා කල පටන්ම කලාවට බොහෝ ඇලුම් කළා.
මේ නිසාම මම පාසලේදීත් වේදිකා නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ හුරුව තමයි මා රංගනයෙන් ඉදිරියට ගෙන ආවේ.


මේ දිනවල ඔබේ දසුනට සමීපතම දයාබරිත රුව ‘හිතට වහල් වීමි’ හි ධම්මිගේ රුව ප්‍රතිනිර්මාණය කරන අලංකි සරසවියට පිය නැඟි මොහොතේ කළ සොඳුරු කතා බහයි මේ.
අලංකි . . . ඇය බොහෝ යොවුන් හදවත්වල හද බැඳි තාරකාව බවට පත් වූයේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදීය.
ඇයගේ මේ අපූරු රංගන චාරිකාවේ අමරණීය මතක සටහන් සමුදාය අප වෙත ගෙන ආවේ මෙසේය.
‘ඇත්තට මම කුඩා කල පටන්ම කලාවට බොහෝ ඇලුම් කළා.
මේ නිසාම මම පාසලේදීත් වේදිකා නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ හුරුව තමයි මා රංගනයෙන් ඉදිරියට ගෙන ආවේ.’
ඒ, කතාවේ ආරම්භය විය. අලංකි ගේ සොඳුරු රූ සපුව නිසා ම ඇයට වරෙක ආරාධනාවක් ලැබුණේ ඉංග්‍රීසි සඟරාවක ඇගේ රුවින් මුල් පිටුව සැරසීමටය.
ඒ වන විට ඇයගේ වයස අවුරුදු පහළොවක් තරම් විය. පාසල් වියේ පසු වන නිසාවෙන් ඇය එම ආරාධනාව පිළිගත්තේ ඊට වසර කිහිපයකට පසුවය. පාසල් සමය නිම වී ඇය එසේ ඉංග්‍රීසි සඟරාවක මුල් පිටුව සැරසීමට එක් විය.
ඉන් අනතුරුව ඇය වෙත ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම්, චිත්‍රපට ආදී නිර්මාණ රැසක් සඳහා ආරාධනා ගලා ආවේ නිතැතින්මය.
‘එම සඟරාවට පෙනී සිටීමත් එක්කම මට නිර්මාණ රැසකටම දායක වෙන්න ආරාධනා ලැබුණා. ඒත් මම ඒ හැම නිර්මාණයකට ම දායක වෙන්න ගියේ නැහැ. සඟරාවේ මුල් කවරයට පෙනී සිටීමෙන් අනතුරුව මා දායක වුණු මුල්ම වෙළෙඳ දැන්වීම තමයි සන්ලයිට් වෙළෙඳ දැන්වීම. එතැනින් පසුව මා වෙළෙඳ දැන්වීම් රැසකට ම රංගනයෙන් දායක වුණා.
ඒ වගේ ම ඔය අඅතරතුර ඉරාජ් අයියා එයාගේ ’සුරඟන කිරිල්ලියේ’ මියුසික් වීඩියෝ එකට ආරාධනා කළා. එයින් මට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා.
වෙළෙඳ දැන්වීම් වගේම මියුසික් වීඩියෝ රැසකටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.’
‘හිත නාඹර තාලෙට’, ‘රහසින්’, ‘ට්‍රේන්’ සෝන්ග් එකේ වගේම ‘ස්කූබි’ හි ගීතමය රූප රචනා හැඩ වූයේ ද ඇගේ් රුවිනි.
එසේ වෙළෙඳ දැන්වීම් හා සොඳුරු ගීතමය රූප රචනා හරහා යොවුන් සිත් වසඟ කළ අලංකි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රිදී තිරය හරහායි.
‘ආදරයේ නාමයෙන්’ ඇගේ ප්‍රථම චිත්‍රපටය සේම ඇගේ රංගන චාරිකාවේ සැලකිය යුතුම සන්ධිස්ථානය විය. අලංකි එහි දුලීකාගේ චරිතයට පණ පොවමින් රංගන චාරිකාවට අත්පොත් තැබීය.
එයින් පසුව විටින් විට ඇයට නිර්මාණ සඳහා ආරාධනා රැසක් ගලා ආව ද ඇය ඒවා අතුරින් තමාට ගැළපෙන නිර්මාණ සඳහා පමණක් සම්බන්ධවීමේ තිර අධිඨනකින් යුතුව හොඳ නිර්මාණයක් සඳහා දායක වීමට බලා සිටියාය.
‘මට විටින් විට බොහෝ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා.
නමුත් මම මට ගැළපෙන චරිලතවලට පමණයි සම්බන්ධ වෙන්නේ.
මම විශේෂයෙන් ම නිර්මාණයේ අධ්‍යක්ෂවරයා කවුද කියන එක ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම එහි පිටපත වගේම මට ලබා දෙන චරිතයට හොඳ සාධාරණයක් කරන්න මට පුළුවන් නම් විතරයි මම චරිතයක් භාර ගන්නේ.
ඒ වගේම ඒ චරිතය නිසා මගේ් ප්‍රතිරූපයට එල්ල වෙන්නේ මොන වගේ බලපෑමක්ද කියන එක ගැනත් මා වඩාත් සැලකිලිමත් වෙනවා.
එසේ නිර්මාණ සඳහා රංගන දායකත්වය සපයන අතරතුර ඇය සිය අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන්නේ වැඩි ඉඩකඩක්.
මේ වන විට නීතිය හදාරමින් සිටින අලංකි ඔබේ සිත්ගත් රංගන ශිල්පිනිය තව වසර කිහිපයකින් නීතිවේදිනියකි.
ඇය මේ වන විට ඉතා සීමිත නිර්මාණ ප්‍රමාණයකට දායක වන්නට එක් හේතුවක් වී ඇත්තේත් ඇයගේ මේ වැඩිදුර අධ්‍යාපන කටයුතු බවයි ඇය පවසන්නේ. කෙසේ හෝ ඉඩක් ලද විගසම හොඳ නිර්මාණ සඳහා දායක වීමට බලාපොරොත්තු වන බවත් ඇය අප හා පවසන්නට අමතක කළේ නැත.
එසේම අලංකි සිය සිත් හි රැඳි තවත් ආශාවක් අප හා පවසා සිටියා.
ඒ ඇය ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක රඟපෑමට බොහෝ ආශාවෙන් පසුවන බවයි.
කෙටි කලකදී වුවත් ඉතා සීමිත නිර්මාණ ගණනකින් වුවත් ඇය තමා වටා එක් රොක් කරගත් රසික කැළ අසීමිතය.
ඇය වටා රොද බැඳ ගත් ඇගේ රසික කැල ඇය මතක් කර සිටියේ සුහද සිතිනි.
එසේම ඉදිරියේදී ඇය නීතිවේදිනියක ලෙසින් සිය වෘත්තිය තෝරා ගත්ත ද රංගනයෙන් ඈත්වීමට කිසිදු අදහසක් නැති බව ද අලංකි පවසා සිටියේ කලාවට ඇය ඒ තරම්ම ආදරය කරන නිසාවෙනි.
ඇගෙ රංගන චාරිතාවේ නිබඳ සෙවණැල්ල ලෙස ඇය මතක් කර සිටියේ අලංකිගේ මව සහ පියායි.
අලංකිගේ අධ්‍යාපන කටයුතු සඳහාත් රංගන දිවියේ සුබ මං සලකුණු සඳහාත් සරසවියෙන් සුබාසිරි!

No comments:

Related Posts Plugin for WordPress, Blogger...