Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ජෝතිපාල සහ සුරේන්ද්‍ර??????

,


පසුගිය සති කිහිපයේ කලා ලොවේ මහත් කථාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ජෝතිපාල මහතාගේ ගීත සුරේන්ද්‍ර පෙරේරා ගායනා කිරීම පිලිබදවයි.මෙය පිලිබදව කථිකාවතක් මීට පෙර නිර්මාණය වුවද මේය නැවතත් කරලියට එන්නේ සුරේන්ද්‍ර දිගින් දිගටම ජෝතිපාලගේ ගීත ගායනා කිරීමත් සමගයි.මේ පිලිබදව පුවත්පත් කිහිපයකම විචාරයන් පලවුනා ඔබට මතක ඇති.මේ පිලිබදව ජෝති හිතවතුන්ද විවිද අදහස් පලකලා.මේ ඔබේ අදහස් විමසන වේලාව්යි.පාඨක ඔබෙ අදහස් මෙතන පලකරන්න.
පසුගිය දිනවල මේ සම්බන්ධව පලවූ ලිපි.




ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද?



ජෝති ගී හඬ නොමරා අවදි කරන්න

එච්. ආර්. ජෝතිපාල නම් මහා ගායකයා මියගොස් වසර විසිහතරක් ගෙවුණ ද ඔහු ගැයු ගීත සදා කාලයෙන් සදාකාලයට රැව් පිළිරැව් දෙන්නේ ඔහුගේ සුමධුර හඬ නිසාවෙනි. ඇත්තෙන්ම එය ආශ්චර්යයකි.
ඒ ආශ්චර්යය සුරේන්ද්‍ර පෙරේරා නම් යොවුන් ගායකයා මූර්තිමත් කරන්නේ තරුණ ජෝතිපාල සිහිපත් කරවීමකි. වරද කිම. ඇත්තේ ඊර්ෂ්‍යාව, කුහකකම පමණි. එය ලෝක ස්වභාවයයි. සුරේන්ද්‍ර පෙරේරා ඔබ ජෝති හඬ නොමරා අවදි කරන්න. අපි අසන්නම්.
මේ ලෝකෙ සියල්ලෝ සිනාසෙන්නෙ ඇයිදෝ ජෝති ගැයුවේය. ඔබද ගයන්න.
 

ශිරෝමි පෙරේරා, කලපුගම පාර, මොරොන්තුඩුව



කබරගොයා තලගොයා වීම

“ජෝතිගේ ගීත සුරේන්ද්‍රට වික්කේ මේ අය” යන ලිපියට අදහස් දක්වා තිබු ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහයන් පවසා තිබුණා මේ ගී පද රචනා තමාගේ. ඒවා මනරම් නිසා ඒවා ජනතාව අතරට ගියා කියා. නමුත් ජෝතිපාල ඒවා ගායනා නොකළා නම් ඒවා පුවත්පතකට කවි ලෙසින් ලියා පළ කළා නම් ඔබ කියනා ලෙසට රසිකයින් අතරට යයි ද? අනෙක “ස්ටාර්” පන්නයේ රියැලිටි සංගීත වැඩසටහන් වලින් බිහිකළ ‘ස්ටාර්’ ලාගේ අද ඇඩ්ඩ්‍රස් නොමැති බව ද නොරහසකි.
ඒ අතින් සුරේන්ද්‍ර පෙරේරාට දියේ ගිලී ඉන්නා විට වාසනාවට ජෝතිපාල නම් පිදුරු ගස අල්ලා ගැනීමට හැකි විය. ඒ වගේම එදා ජෝතිපාලයනට මහත්මයායයි ආමන්ත්‍රණය කළ අජන්තා රණසිංහයන්ට අද නිකම්ම ජෝතිපාලය. ඒකට තමයි අප කියන්නේ කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා වෙනවා කියා. සත්‍ය වශයෙන්ම අද කරු අයියා, ධර්මසිරි ගමගේ අයියා මෙන්ම කේමදාස මාස්ටර් ජීවතුන් අතර හිටියානම් මෙම නීච නොහොබිනා ක්‍රියාවලියට කිසිසේත් අතහිත දෙන්නේ නැත. එයට හේතුව ඔවුන් ද ජෝතිපාල මෙන්ම පොදු ජනතා රසහිතකාමී කලාකරුවන් නිසාමය.
 

ලක්ෂ්මන් රණසිංහ හේකිත්ත වත්තල



අනේ සුරේන්ද්‍ර ඔයා තොත්ත බබා

එච්. ආර්. ජෝතිපාලයන් ගැන අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට ඇවැසි නැත. ගීත ලෝකය නොනැසී පවතින තාක් අද මෙන් මතුවටත් ජෝති ගේ ගීතමය හඬ සදා අමරණීයය. ජෝති ‘වන්නට’ යත්න ප්‍රයත්න දැරුවන් නන්නත්තාර ව ගොසිනි. එහෙත් ඔහුගේ ගීත ගයා තම බඩසරි කරගන්නන් එදත් අදත් මතුවටත් සිටිනු ඇත.
ජෝතිපාලයන්ගේ අතිශය ජනපි‍්‍රය ගීත රැසක් තෝරා හිතුමනාපේ, එම පවුලේ අයගේ ද අවසරයක් නොලබා ගායනා කොට ඇල්බමයක් ද සකස් කළ සුරේන්ද්‍ර පෙරේරා එම නිර්ලජ්ජි ක්‍රියාව වසා ගන්නටත් තමන් මුකුත්ම දන්නේ නැති බව පෙන්වීමටත් එහි නිෂ්පාදන හා ජෝති ගේ ගීතම ගයන්නට කිව්වා යැයි ඔහුම කියන ඔහුගේ රසිකයන් පිට තබා ඇඟ බේරාගන්නට උත්සාහ ගෙන ඇති බැව් ද හැඟේ. මේ කරුණ ද සිහිපත් කළ යුතුය. එස්. එම්. එස්. තුළින් ගායක ගායිකාවන් බවට පත්වූ අය කළේ අනුන්ගේ ගීත ගයා තැන දිනා ගැනීමය. එස්. එම්. එස්. දුන් හා නුදුන් අය ස්ව නිර්මාණ ඔස්සේ සනසවන්නට නොහැකි වූ බොහෝ දෙනකු අවසන නතර වූයේ බාල බොළඳ වෙළෙඳ දැන්වීමකට තල්ලු වීමෙන් බව ද ප්‍රසිද්ධ රහසකි.
සුරේන්ද්‍ර හෝ කවරකු හෝ ජෝතිගේ ගීත ගායනා කළාට වරදක් නැත. එහෙත් ජෝතිපාලයන් මරාගෙන කෑම කවරකු කළ ද එය යුක්ති යුක්ත නොවේ. එය ‘ජෝති’ ගේ ලක්ෂ සංඛ්‍යාත රසික සමූහයා ද අනුමත කරනු නැත.
එම ඇල්බමය සකස් කිරීමේදී තමන් තොත්ත බබෙකු ව සිටි බව නොකියා කියමින් එම වැරැදි නිෂ්පාදක පිට තබා තමන් රසික ඉල්ලීමක් ඉටුකළ බව පවසන සුරේන්ද්‍ර රසික ඉල්ලීම් ඉටු කළ බව පුන පුනා පැවසීමේ දී ඊට යටින් තමන්ට උවමනා කර තිබු උවමනාවක් ද ඔහුගේ ප්‍රකාශ වෙතින් පැහැදිලි වේ. ඒ ගැන කතා කරන්නට තමන් අකැමැති බවක් කියා පෑමෙන් පෙනී යන්නේ කිසිවකුගේ අවසරයකින් තොරව ඇල්බමයේ කවරයට ද ‘ජෝති’ ගේ නම පවා නොදමා සිදුකළ නිර්ලජ්ජි ක්‍රියාව ගැන තමන්ගේ ම හෘද සාක්ෂියට පවා මුහුණ දී ගත නොහැකි තත්ත්වයක පසුවන බවකි.

අමල් ජයසිංහ



ඩුප්ලිකේට් ජෝතිපාලලා එපා

අමරණීය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මෙලොවින් සමුගෙන දැනට අවුරුදු 24 ක් ගත වී ඇත. එහෙත් ජෝති ගේ වියොවින් පසු ගායන ලොවෙහි ඇති වූ හිඩැස පිරවීමට කිසිම ගායන ශිල්පියකු හට නොහැකි වී ඇත.
විවිධ රූපවාහිනි නාලිකා නවකයන් අතරින් ජෝතිපාල කෙනකු බිහි කිරීම මුලාවක් පමණි.
නූතන බොළඳ එස්.එම්.එස්. ස්ටාර් සංස්කෘතිය තුළින් බිහිවූවද ‘සුරේන්ද්‍ර’ හොඳ හඬක් උරුම කරගත් තරමක ගායන කෞශල්‍යයක් හෙබි ශිල්පියෙකි. ‘පායන්න සඳ මීදුමේ” හා බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ගැයෙන තේමා ගීතය වන “සිහින ඉසව්වෙන් එන්න” යන ගායන තුළින් ඔහු සතු සුවිශේෂ ගායන හැකියාව කැපී පෙනේ.
එනිසා එදා ජෝතිපාලයන් තම මධුර හඬින් ගායනා කළ ගීත, මෙදා තම බඩ වියත රැක ගැනීම සඳහා විකුණා කන තත්ත්වයට පත්ව ඇති නිර්මාණකරුවන් කළ යුත්තේ ‘සුරේන්ද්‍ර’ වැනි හැකියාව ඇති අය සාදා ‘ඩුප්ලිකේට්’ ජෝතිපාල ලා බිහි කිරීම නොව ඔවුන් සතු හැකියාව ඔප් නංවා ස්ව නිර්මාණකරණයේ යෙදීමට ඔවුන්ට මඟ පෙන්වීමයි.
 

ගෝනවල ලූෂන් අර්ලි එඩ්වඩ්



වරදක් මා දකින්නේ නෑ

එච්. ආර්. ජෝතිපාල ගේ ගීත දවසින් දවස අලුත් කටහඬවල්වලින් අපට ඇහෙනවා. ඔහු ජීවත්වී සිටි කාලයටත් වඩා වැඩියෙන් ඔහුගේ ගීත දැන් ඇසෙනවා. ඒ පමණක් නොවෙයි. එම ගීත ජනපි‍්‍රයතාවයෙන් ද ඉහළ තලයක තිබෙනවා. ඔහු ජීවත්ව නොමැති වුවත් දැන් තරුණ පරපුර වෙත ඔහුගේ ගීත රැගෙන යන්නේ සුරේන්ද්‍ර පෙරේරාය. දැන් සුරේන්ද්‍ර නිසා ජෝතිපාලයන්ගේ ගීත ජනපි‍්‍රය තලයක පවතී. මා අදහස් කරන ආකාරයට ගීතයට හානියක් නොවන අන්දමට සුරේන්ද්‍ර ඔහුගේම ශෛලියකින් ජෝතිපාලයන්ගේ ගීත රසික ජනතාව අතරට ගෙන එනවා. ජෝතිපාලයන්ගේ ගීත සුරේන්ද්‍රගේ හඬින් ගායනා කිරීම මා දකින්නේ ඉදිරි පරම්පරාවට කරන ආශිර්වාදයක් ලෙසයි. ජෝතිපාලයන්ගේ ගීත සුරේන්ද්‍රගේ හඬින් ගායනා කිරීමේ කිසිම වරදක් මා දකින්නේ නැහැ.

ගම්පහ නිලුකා රොෂාණි



ගීත රචනා මිලට ගත්තත් ජෝතිගේ හඬ මිලට ගන්න බැහැ

සුරේන්ද්‍ර පෙරේරා යනු සුපර් ස්ටාර්ස් තුළින් බිහිවූ දක්ෂ ගායකයෙකි. ඔහු ජෝතිගේ ගීතවලට සාධාරණයක් ඉටුකරයි. එහෙත් දැන් ඔහු ගායන ලොවේ නමක් දිනාගෙන ඇති බැවින් තවදුරටත් ජෝතිපාල ගේ ගී මත යැපීම අවශ්‍ය නැත. විශේෂයෙන්ම ජෝතිගේ ගීත සී. ඩී. තැටිවලට නංවා එමඟින් මුදල් ඉපයීම ද ලැජ්ජාවට කරුණකි.
දශක කිහිපයක් මුළුල්ලේම ලංකාවේ අසහාය, ජනපි‍්‍රය ගායකයකු වන ජෝතිපාලගේ දෙවැන්නෙක් සිටිය නොහැකිය. ඔහුගේ ගීත රචනා මිලට ගත්ත ද ඔහුගේ කටහඬ කිසිවකුට මිලට ගත නොහැකිය.

ගනේමුල්ලේ - මල්ලිකා රූපසිංහ



එදා පීචං; අද රත්තරං

එදා “පිචං” වූ ජෝතිපාල අද බොහෝ දෙනාට “රත්තරං” ය. ජෝතිපාලයන් ජීවත්ව සිටිය දී දිවෙන් දිව ගාගෙන සිටි සමහරක් ගීත රචකයන්, සංගීතඥයන් අද කතා කරන බහුභූත මොනවා ද? ඔවුන් කරන්නේ කිසිම හිරිකිතකමක් නැතිව ජෝතිපාලයන් ගේ ගී ඔහුගේ නමවත් සඳහන් නොකර විකුණා කන්නවුන්ට දායකත්වය ලබාදීම නොවේ ද? අනේ ජෝති අයියේ ඔබ මේවා නොදකින්නේ ද...? දරුවන් විකුණාගෙන කන, තම බිරිඳ විකුණාගෙන කන අද මේ සමාජයේ ජෝතිපාලයන් ගේ හෝ වේවා වෙන කාගේ ගීත හෝ වේවා විකුණා කෑම එක අතකින් මොන අරුමයක් ද?
ගී පදමාලාව, තනුව, සංගීතය මොන තරම් අර්ථවත් වුවත් රසවත් වුවත් ගී හඬ අමිහිරි නම් එකී ගීත ජනපි‍්‍රය වේ ද? නමුත් අවාසනාව නම් බුද්ධිමය දේපළ පනත යටතේ ගී ගයන ගායකයාට හෝ ගායිකාවට ගීතයේ අයිතියක් නැති වීමයි.
එසේ නම් මේ අමරණීය ගායකයාගේ මිහිරි ගීත සුරේන්ද්‍ර පෙරේරා හෝ වේවා වෙනයම් ආධුනික හෝ ප්‍රවීණ ගායකයෙක් ගායනා කිරීමට එරෙහිව කතා කළ හැකි ද? මෙහිදී සුරේන්ද්‍ර පෙරේරා සම්බන්ධයෙන් කුහකකමකින් තොරව යමක් කිව යුතුමය. ඒ ඔහු ගැයු ජෝතිපාලයන්ගේ ගීත බොහොමයකට තම ශක්ති ප්‍රණාමයෙන් සාධාරණයක් ඉටුකර ඇති නිසාවෙනි. (සුරේන්ද්‍ර පෙරේරා මගේ පුංචි ගායකයාණනි! ඔබගේ “ජෝති හඬ” මින් මතු ජෝතිපාලයන් ගේ සඳහා නොව ඔබගේම නව නිර්මාණවලට පමණක් යොමු කරන්නේ නම් අගයමි.)
අවසන කිව යුත්තේ ජෝතිපාලයන් දුක් මහන්සියෙන් ගොඩ නංවා තැනු ‘ගී ටජ්මහල’ අත්තනෝමතික ලෙස විනාශ කර නොදමන ලෙසය.

රංජිත් අබේවර්ධන
රණ හංසි කලා හවුල,
දෙදියවල, කළුතර උතුර


තවත් පාඨක ලිපි ලබන සතියේ 

4 comments:

Amila Chathuranga said...

මිනිහෙක්ගෙ වොයිස් එක හොරකම් කරන්න බෑ..ඒ මිනිහව හොරකං කරන්නත් බෑ...
අපි පුංචි කාලෙ හිටිය දැන් ඉන්න ජෝති එහෙමම ඉඳී..මේ සුරේන්ද්‍ර කියන තමන්ට සින්දුවක් හදාගන්න තරම් හැකියාව නැති...(ලියවගන්න හරි හැකියාව තියෙන්න එපාය)එවුන්ට ජෝතිගෙ සින්දු කියන් පුලුවනි..ඒත් ඒ අපේ ජෝති නෙමෙ කියල අපි දන්නව..

සිසිර said...

ජෝතිපාල කියන්නේ ලංකාවේ හිටපු හොදම ගායකයා.ඒකෙ 2ක් නැහැ.අපි අපේ අනන්‍යතාවක් හදාගන්න ඕනේ.නැතුව කොපි කරල වැඩක් නැහැ.

Anonymous said...

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%BA.%E0%B6%9C%E0%B6%9F+%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%3F%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%92%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F%0D%0A%E0%B6%BB%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%2C+%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.%0D%0A%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%91%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%95%E0%B6%B1%E0%B7%91+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A.%0D%0A%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.%E0%B6%B8%E0%B7%8F+%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B

යෝධයා said...

මේ වගේ තුට්ටු දෙකේ ස්ටාර්ල හදන කාලකන්නි reality program කරන්න පටන් ගත්තු සිරස තමයි මේකට මූලිකවම වගකින්න ඕන.

Related Posts Plugin for WordPress, Blogger...