Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

සමහරු මට අයුතු යෝජනා ගේනවා. ලක්මාලි කියයි.

,
රංගන ශිල්පිනියක් විදිහට මගේ දායකත්වය ලබා දෙන කොට, සමහරු මට අයුතු යෝජනා ගේනවා. ඒවා ප්‍රතික්ෂේප කරපු නිසා වගේම, ඒ ගැන නොබියව කතා කළ නිසා මාව සමහර නිර්මාණවලින් ඉවත් කරලා තිබුණා. මම නිර්මාණයකට දෙන්නෙ මගේ හැකියාව මිසක්, ආත්ම ගෞරවය නෙවෙයි. ඒ නිසා මේ හෙමින් ගමන මට හොඳයි.ඇය ප්‍රවීනයෙකු නොවේ.නමුත් ඇය ලංකාවෙන් බිහිවුනු නවක නිලියක්.ඇය පිලිබදව මේ දිනවල කලාවට ලැදි කවුරුත් කථාකරයි.ඇය ධවල පවුර චිත්‍රපටයෙන් රසික හද දිනාගත් අචලා ලක්මාලිය.ඇය කලා ලොවට නවකයෙකු නොවූවත් බොහෝදෙනා ඇය හදුනන්නේ ධවල පවුර චිත්‍රපටයෙනි.මේ ඇය සිය කලා තොරතුරු සරසවිය පුවත් පත සමග බෙදාගත් ආකාරයයි.
සරසවි ලිපිය....

අචලා ලක්මාලි


මම හොයන්නෙ ආගමට දහමට ලැදි කෙනෙක්

සිංහල සිනමාවට පිවිසි නවතම නිළිය ඇයයි. ‘ධවල පවුර’ චිත්‍රපටයේ කෞශල්‍යාගේ චරිතය රඟමින් රිදී තිරය ජය ගන්නට මග සොයන ඇය අචලා ලක්මාලි.
අචලාගෙ කලා දිවියේ ආරම්භය ගැන නැවත ආවර්ජනය කළොත්?
මට පාසලෙන් අයින් වුණාට පස්සෙ, ‘අහස් වියන්’ කියන ඒකාංගික ටෙලි නාට්‍යයෙ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. එතන තමයි මගේ් රංගන දිවියෙ ආරම්භය. ඊට පස්සෙ, සුදු සමනළියක්, ගෞතමී, සිටු ගෙදර, සරා සහ සුබා, යර්ස් බොස් ඇතුලු ටෙලි නාට්‍ය 10 කට වැඩි ප්‍රමාණයක් රඟපාලා තියෙනවා.
* ‘ධවල පවුර’ චිත්‍රපටයේ චරිතය ගැන කතා කරනවා නම්?
ධවල පවුර ෆිල්ම් එකේ කෞශල්‍යා මම. ඒක උප ප්‍රධාන චරිතයක්. වලව්වක ඉපදුන බොහොම කීකරු දියණියකගෙ චරිතයක් තමයි මම නිරූපණය කරන්නෙ. ඇත්තටම මේ චරිතය මගේ ජීවිතයෙ ලබපු භාග්‍යයක් විදිහටයි මම දකින්නෙ.
හයිසින්ත් විජේරත්න වැනි ප්‍රවීණ රංගනවේදිනියකගේ දියණිය ලෙස රඟපාන්න ලැබීම, ඔවුන්ගේ ගුරුහරුකම් මගේ රංගන දිවියට එක් කර ගන්න ලැබීම ඇත්තටම මං ලබපු වාසනාවක්. ‘ධවල පවුර’ අහම්බයකින් ලැබුණ චිත්‍රපටයක් වුවත් ඒක මට ලැබුණ වාසනාවක්.
* ඒ අහඹු සිදුවීම ගැන දැනගන්න කැමතියි?
ස්වර්ණවාහිනියෙ ටෙලි නාට්‍යයකට නළු නිළියො ගන්න ඉන්ටර්වීව් එකකට ගිහින් එන ගමන් මම යාළුවො කීප දෙනෙක් එක්ක ලන්ච් ගන්න බොරැල්ලෙ උපවංශ හෝටලේට ගියා.
එදා එතැනට ලක්ෂ්මන් ආරච්චිගේ අයියා, නුවර විජේරත්න හෙට්ටිආරච්චි අයියත් එක්ක ඇවිත් හිටියා.
ලක්ෂ්මන් අයියා නළුවෙක් කියල දැනගෙන හිටියත්, අපි එයාලා ගැන වැඩි තැකීමක් කළේ නැහැ. ඒත් ඒ දෙන්නා කතා වෙලා තියෙනවා ධවල පවුරට මාව ගැලපෙනවා කියලා.
අපි කෑම කාලා යනකොට ලක්ෂ්මන් අයියා මට කතා කරලා කිව්වා Film එකක් කරනවා ඔයා රඟපාන්න කැමති නම් හිතලා, බලලා කෝල් කරන්න කියලා ටෙලිෆෝන් නම්බර් එක දුන්නා.
ලක්ෂ්මන් අයියා නළුවෙක් විදිහට දැනගෙන හිටපු නිසා සැකයක් තිබුණෙ නැහැ. මම කතා කරලා රඟපාන්න කැමති වුණා.
* ඔයා ටෙලි නාට්‍යවල රඟපානවා කියලා ඔහු දැනගෙන හිටියෙ නැද්ද?
නැහැ. ඊට පස්සෙ තමයි දැන ගත්තෙ.
* අචලා වේදිකා නාට්‍යවල වගේම වෙළඳ දැන්වීම්වලටත් දායක වෙලා තියෙනවා නේද?
ඔව්. සාන්තුවරයෝ වේදිකා නාට්‍යයෙ ප්‍රධාන චරිතය රඟපානවා. ශනිදා වාසනාව සහ වාසනා සම්පත වෙළඳ දැන්වීම්වල රඟපෑවා.
* රඟපෑමට එන නවක ශිල්පිනියන්ට විවිධ වූ අත්දැකීම්වලට යෝජනාවන්වලට මුහුණ පාන්න සිදු වෙනවා යැයි කියන කතා, අචලාටත් අදාල වෙනවද?
පැහැදිලිවම ඔව්. රංගන ශිල්පිනියක් විදිහට මගේ දායකත්වය ලබා දෙන කොට, සමහරු මට අයුතු යෝජනා ගේනවා.
ඒවා ප්‍රතික්ෂේප කරපු නිසා වගේම, ඒ ගැන නොබියව කතා කළ නිසා මාව සමහර නිර්මාණවලින් ඉවත් කරලා තිබුණා. මම නිර්මාණයකට දෙන්නෙ මගේ හැකියාව මිසක්, ආත්ම ගෞරවය නෙවෙයි. ඒ නිසා මේ හෙමින් ගමන මට හොඳයි.
* අචලාගෙ වෘත්තිය රංගනයද?
නැහැ. මීට කලින් මම පරිසර අධිකාරියෙ රැකියාව කළා. මගේ අම්මා පිළිකා රෝගයෙන් පෙළුණ නිසා අම්මට සලකන්න නිසා මං රැකියාවෙන් අයින් වුණා. අම්මා නැති වෙලා අවුරුදු 4 ක් වෙනවා.
දැන් රඟපෑවට මගේ වෘත්තිය ඒක නෙවෙයි. නුවරඑළියෙ මගේම හෝටලයක් අරඹන්න සියලු කටයුතු දැන් කරගෙන යනවා. හෝටල් ව්‍යාපාරයත් එක්ක ඉඩ ලැබෙන විදිහටයි මම රඟපාන්නෙ.
* ආදරය ඔයාගෙ ජීවිතයට කෙතරම් සමීපද?
ම් . . . ඔයා අහන්නෙ මම පෙම්වතියක්ද කියන එකනෙ. තවම නැහැ. මම ආගම දහමට හුඟක් නැඹුරු කෙනෙක්. හොඳ බිරිඳක් වෙලා, හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න මම කැමතියි. ඉදිරියේදී ආගම දහමට ලැදි, මාව හොඳින් බලාගන්න පුළුවන් හොඳ කෙනෙක් ලැබුණොත් ආදරය මගේ ජීවිතේ්ට සමීප වේවි.
* අචලා දායක වුණ ඉදිරියේදී අපට දැකගන්න පුළුවන් නිර්මාණ මොනවාද?
පද්මසිරි කොඩිකාර මහතාගෙ ‘සදාදර ජෝති’ චිත්‍රපටයෙ. අනර්කලීගේ යෙහෙළියක් විදිහට හෙදියකගේ චරිතයක් රඟපානවා.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...