මංජුලා කුමාරි අපි කවුරුත් හදුනාගත්තේ ඕළු යන නමිනි.නමුත් අද ඇය කලා ලොවේ දිගු ගමනක් යන නිලියකි.ඇය පසුගියදා සිළුමින පුවත්පතේ රසදුනට සම්මුඛ සාකච්ජාවක් ලබාදුන්න.එහිදී ඇය තම පවුල් ජීවිතය සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කලා.
කොහොමද ශානුකගෙයි ඔබගෙයි කැදැල්ල...?
අපේ ආදරණීය කැදැල්ලේ අපි ඉතාම සතුටින් ඉන්නව. මගෙ සැමියා ශානුක ව්‍යාපාරිකයෙක්. නමුත් ශානුකට මගෙ කලා කටයුතු පිළිබඳවත් මා පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනව. එයාගෙන් මගෙ වැඩ කටයුතුවලට ලැබෙන්නෙ විශාල සහායක්. විවාහ වෙන්න කලින් මගෙ හැම දේකදීම මගෙ ළඟින් ම හිටියෙ මගෙ අම්මයි ආච්චියි. දැන් ශානුක මගෙ වැඩකටයුතු හැම දෙයක් ම සොයා බලනව. හැමෝම අහන දෙයක් තමයි කවදා ද අපේ කැදැල්ලට දරු පැටියෙක් එකතු වෙන්නෙ කියල. ඒකට තව ටිකක් කල් ගන්න සිද්ධ වෙනව. ඒ; ඉදිරි කාලයේදී මට වැඩ ගොඩක් කරන්න තියෙන නිසා.
අපේ කැදැල්ලේ අපි ඉතාම සතුටින් ඉන්නවා
ඇය කවුරුත් හඳුනන්නේ ඕලු ලෙස ය. ඒ කලකට පෙර විකාශය වූ ‘ඕලු’ ටෙලිනාට්‍යයේ ඕලු නම් ගැමි යුවතියකගේ චරිතය අපූර්ව ලෙස නිරූපණය කළ නිසා ය. කලා ක්ෂේත්රයට පැමිණ කෙටි කාලයක් වුව ද ඇය ක්ෂේත්රයේ දිගු ගමනක් පැමිණ සිටින්නීය. ‘ඕලු ක්‍රියේෂන්’ නම් ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනය පවත්වාගෙන යමින් ඇය ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක ලෙස ද කටයුතු කරන්නීය. ඇය මංජුලා කුමාරි.
අද ‘සතුටු සාමීචියට’ එක්වන්නී මංජුලා ය.කොහොමද අලුත් තොරතුරු?
හොඳින් ඉන්නව. මේ දවස්වල ‘හඳපාන’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට වරින් වර සහභාගි වෙනව. ඒ හැරෙන්න තරමක විවේකයෙන් තමයි කාලය ගෙවෙන්නෙ.
ක්ෂේත්රයට පිවිසි ආකාරය විස්තර කළොත්?
නුගේගොඩ අනුලා විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ ඉඳලම මම කලා කටයුතුවලට ළැදියි. මම අවුරුදු දෙක හමාරෙදි විතර නත්තල් නාට්‍යයකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ගැන පැහැදිලි මතකයක් මට නැහැ. පාසලේදියි කුලසිරි බුදවත්ත රංගායතනයෙනුයි මම නර්තනය පිළිබඳව ඉගෙන ගත්තා. මට රූපවාහිනි කැමරාවක් ඉදිරියේ මුලින් ම පෙනී සිටියේ ‘හෙයා ඔයිල්’ දැන්වීමකට.
ඊට පසුව රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකට ම සහභාගිවීමේ අවස්ථාව මට ලැබුණා. එසේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම වුණේ ආචාර්ය ආරියරත්න ඇතුගල ගේ ‘රිද්දි යාගය’ නම් ඒකාංගික ටෙලි නාට්‍යය. ඊට පසුව ටෙලිනාට්‍ය කීපයකම රඟපාන්න මට අවස්ථාව ලැබුණා. මගෙ රංගන ජීවිතය වෙනස් කළේ ‘ඕලු’ ටෙලිනාට්‍යයයි.
‘ඕලු’ ඔබේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් නේද?
ඇත්තෙන් ම ඔව්. ‘ඕලු’ ටෙලිනාට්‍යයට ඇරයුම් ලැබුණු වෙලාවෙ වෙනස් ටෙලිනාට්‍ය පහක් ම ඉවත දාල මම ඒක බාරගත්තා. ‘ඕලු’ ටෙලිනාට්‍යයෙන් තමයි මුළු රටම මාව හඳුනාගත්තේ; මුළු රටේම ප්‍රේක්ෂකයින් මට ආදරය කරන්න ගත්තේ. අදත් මාව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ ඕලු කියල. ‘ඕලු’ නිසා මට කලා ක්ෂේත්රයේ දොරටු ගොඩක් විවෘත වුණා.
ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස ඔබ සාර්ථක ද?
මම හිතනව මම සාර්ථකයි කියල. “අහස සේ නුඹ...” මගෙ තුන්වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය. ඒ වගේ ම අහස සේ නුඹ... තමයි මගේ පළමු මෙගා නිෂ්පාදනය. ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර දෙස බලන විට මට තේරෙනව ඒ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයින්ගේ හිතට වැදිල කියල. ඒ නිසා මම හිතනව නිෂ්පාදිකාවක් ලෙස මම සාර්ථකයි කියල. ඉතාම ළඟදී තවත් ටෙලිනාට්‍යයක වැඩ අපි පටන් ගන්නව. පිටපතකුත් තෝරාගෙනයි තියෙන්නෙ.
චිත්‍රපටවල ඔබ දකින්න නැත්තේ ඇයි?
ලෙස්ටර් සර්ගෙ ‘අම්මාවරුනේ’ තමයි මගෙ පළමු චිත්‍රපට රංගන අත්දැකීම. ඊට පසුව චිත්‍රපටි කීපයකටම රංගනයෙන් දායක වුණා. ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. තවත් චිත්‍රපට ගණනාවකට ම ඇරයුම් ලැබුණත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඒ; මම වැඩියෙන් ටෙලිනාට්‍යවලට යොමුවෙලා ඉන්න නිසා.
‘හඳපාන’ ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
‘හඳපාන’ අපේ රටේ ජනප්‍රිය නවකතාවක්; ඒ වගේ ම ජනප්‍රිය චිත්‍රපටයක්. ඒ වගේ ම ‘හඳපාන’ ටෙලිනාට්‍යයත් ප්‍රේක්ෂකයින් ඉතාම ආදරයෙන් වැළඳ ගෙන ඇති බව ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලියි. ‘හඳපාන’ ටෙලිනාට්‍යයේත් මම රඟපාන්නේ ඕලු වගේ ම ගැමි චරිතයක්. ඒ නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයින් මෙතරම් ප්‍රතිචාර දක්වන්නේ.
කොහොමද ශානුකගෙයි ඔබගෙයි කැදැල්ල...?
අපේ ආදරණීය කැදැල්ලේ අපි ඉතාම සතුටින් ඉන්නව. මගෙ සැමියා ශානුක ව්‍යාපාරිකයෙක්. නමුත් ශානුකට මගෙ කලා කටයුතු පිළිබඳවත් මා පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනව. එයාගෙන් මගෙ වැඩ කටයුතුවලට ලැබෙන්නෙ විශාල සහායක්. විවාහ වෙන්න කලින් මගෙ හැම දේකදීම මගෙ ළඟින් ම හිටියෙ මගෙ අම්මයි ආච්චියි. දැන් ශානුක මගෙ වැඩකටයුතු හැම දෙයක් ම සොයා බලනව. හැමෝම අහන දෙයක් තමයි කවදා ද අපේ කැදැල්ලට දරු පැටියෙක් එකතු වෙන්නෙ කියල. ඒකට තව ටිකක් කල් ගන්න සිද්ධ වෙනව. ඒ; ඉදිරි කාලයේදී මට වැඩ ගොඩක් කරන්න තියෙන නිසා.
ඔබට හිතෙන විදියට ඔබ මොන වගේ කෙනෙක්ද?
මම හිතන්නෙ මම ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දෙන කෙනෙක් කියල. ඒ වගේ ම මට ගොඩක් දේවල් කිරීමේ හැකියාව තියෙන බව මේ කාලයේදී මම ඔප්පු කර පෙන්වල තියෙනව.
ඔබ හොඳ මිතුරියක් ද?
දැන් තියෙන වැඩත් එක්ක යාළුවො ළඟින් ඇසුරු කරන්න ලැබෙනව අඩුයි. ටෙලිනාට්‍ය නිෂ්පාදනයත් එක්ක මම කාර්ය බහුල වෙලා. නමුත් මම ඇසුරු කරන මිතුරු මිතුරියන්ට මම ඉතාම ළෙන්ගතුයි.
කලා ක්ෂේත්රයේ අනාගත බලාපොරොත්තු...?
මගේ ප්‍රේක්ෂකයින්ට හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව. ‘අහස සේ නුඹ...” මෙගා ටෙලිනාට්‍යයේ වුණත් අනෙක් මෙගා ටෙලිනාට්‍යවලට වඩා ඒක වෙනස් කියලයි මම හිතන්නෙ. එහි ඉන්න රංගන ශිල්පීන් වුණත් දක්ෂ අය.
No comments:
Post a Comment