Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ලස්සනට ඉන්න මම හරිම ආසයි.....සංජීවනී වීරසිංහ

,


සංජීවනී වීරසිංහ යනු හුදෙක්ම නිලියක් පමනක්ම නොවේ.ඇය අප කවුරුත් හදුනන නිවේදිකාවකි,ගායිකාවකි,තවද ඇය නිලියකි.නමුත් පසුගිය දිනවලදී අපට ඇය දැකීමට ලැබුනේ කලාතුරකිනි.මේ ඇය පිලිබදව සරසවිය පුවත්පතේ පලවූ නවතම ලිපියකි.




සංජීවනී වීරසිංහ

සංජීවනී තවත් සුන්දර වෙලා. මොකක් ද ඒ රහස?
‘මම රූපලාවන්‍ය උපදෙස් අඩුවෙන් කරන කෙනෙක්. ක්ලීනප්, ක්ලෙන්සර් වගේ දෙයක් මේ වන තෙක් කරලා නැහැ. ඒ වගේ දෙයක් කර ගන්න රූපලාවන්‍ය ශිල්පිනියක් ළඟටම යන්න ඕනද? අපේ අවට පරිසරයේ කොයි තරම් දේ මේ දේවල් සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද? මේකප් කරන්න පුංචි අත්හුරුවක් තිබෙනවා. ඒක හොඳටම ඇති. මෙන්න මේ කොණ්ඩෙට පුංචි මෝස්තරයක් කළා. දිගට තිබෙන කොණ්ඩය කපන්න මම කොහොමත් කැමැති නැහැ. ලස්සනට ඉන්න, අඳින්න මම බොහොම කැමැතියි.’
‘දු වයි පුතයි ඉස්කෝලෙ ගිය නිසා මට වැඩ ටිකක් අඩුයි.’
සංජීවනී වීරසිංහ අපව පිළිගන්නා අතරතුර කිව්වා.
ඇගේ පිටුපසින් නිවෙසට ඇතුළු වන අපගේ නෙත ගැටුණේ සුපුරුදු රුවක්. ‘චන්ද්‍රාණි ද සිල්වා වීරසිංහ’
සංජීවනී වීරසිංහගේ දයාබර මව.
‘මම මේ බැලුවා කවුද? කියලා’
අපේ කතාවට ඇයත් හවුල් වුණා.
‘සරින්ද පුතාගෙත්, සංජානි දුවගෙත් අවසාන විභාගය නිසා මේ දවස්වල ගෙදර හැමෝම හරිම කාර්යබහුලයි. විශේෂයෙන්ම මම මේ දවස් ටික වෙන් කරලා තියෙන්නේ දරුවන් දෙන්නා වෙනුවෙන්මයි. හැම දේටම වඩා මට ඔවුන්ගේ අධ්‍යාපනය වටිනවා.’ සංජීවනී අහිංසක සරින්ද පුතා වගේම දඟකාර සංජානි දෝණිගේ අනාගතය ගැන හිතන සොඳුරු මවක්. ලයිසියම් ජාත්‍යන්තර පාසලට යන සරින්ද පුතා අටේ පන්තියේ. සංජානි දෝණි හයේ පන්තියේ.
‘මේ දවස්වල නිවෙස කටයුතු පහසු කර ගන්න සිටින කෙනා නිවාඩුවකට ගෙදර ගිහින්. ගෙදර වැඩට කෙනෙක් හිටිය කියලා හැම දෙයක්ම ඒ කෙනාට බාර දෙන්න මම කැමැති නැහැ. සුසන්තට උදේට දෙන ටී එක හැදෙන්නෙත් මගේ අතින්ම තමයි. විවේකයෙන් ගෙදර ඉන්න අවස්ථාවලදී සුසන්ත කැමැති මම නිතරම ඔහු ළඟට වෙලා දැවටි දැවටි ඉන්නවා නම් තමයි. මැච් එකක්, චිත්‍රපටයක් එහෙම බලන කොට එයා කැමැති මොනවා හරි පුංචි කෑමක් කන්නයි.එහෙම වෙලාවට බයිට්, මඤ්ඤෙ ාක්කා, අලකුරු වගේ ටේස්ට් කෑම මගේ අතින්ම හදලා දෙන්න මම අමතක කරන්නේ නැහැ.’
සංජීවනී හොඳ ගෘහනියක්. ඒක ඇත්තක්ද?’
‘විවාහ වෙලා මුල් කාලයේදී නම් ඔය එක එක වර්ගයේ කෑම හදන්න මට බැහැ. මොකද මගේ ගෙදර අක්කලා තුන් දෙනෙක් හිටිය නිසා හැම වැඩක්ම කළේ ඔවුන්. කොහොම වුණත් විවාහ වුණාට පස්සේ ඒ හැම වැඩකටම පුරුදු වෙන්න මට සිදු වුණා. ඒත් එක්කම හැම වර්ගයකම කෑම හදන්න. අනිත් කාරණය තමයි මගේ සැමියගේ අම්මට, සහෝදරියන්ට ඕනෑම කෑමක් හදන්න පුළුවන්. කෑමවලට පාවිච්චි කරන සෝස් එක හදන්නෙත් ඒ අයමයි. වයින්, කේක් වර්ග වගේ හැම කෑමක්ම හදන්න ඔවුන්ට පුළුවන්. ඉතිං මමත් හෙමින් හෙමින් විශේෂ කෑම හදන්න පුරුදු වුණා. ඒ දවස්වල පොත් පෙරළගෙන, රූපවාහිනියේ යන වැඩසටහන් බලලා එක එක කෑම හදන්න පටන් ගත්තා. දැන් නම් ඉතිං හොඳට උයන්න පුළුවන්. මගේ චිකන් වගේම කකුළුවෝ වෑංජනයට සුසන්ත වගේම පවුලේ හැමෝම ආසයි. මට තරම් හොඳට ඒ කෑම හදන්න අනිත් අයට බැහැයි කියලයි ඔවුන් කියන්නේ.’
‘මම වැඩිය කැමැති මුකුණුවැන්න, කංකුම් වගේ් කොළ වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගන්නයි. මේ දවස්වල නම් ගෙදර හැම වැඩක්ම කෙරෙන්නේ මගේ අතින්. කාර්ය බහුල දවස්වල දී උයන පිහන කටයුතු කරන්නේ ඉඳලා හිටලා වුණත් ගෙදර අස්පස් කරලා පිළිවෙළට තියාගන්න නම් මම අමතක කරන්නේ නෑ.’
සංජීවනී කොයි තරම් කාර්යබහුල ද කිව්වොත් සිරස විකාශය වුුණු ‘පූජා’ ටෙලි නාට්‍යය අවසානවීමත් සමඟම ඇයට චිත්‍රපටයක් ලැබිලා. සමහර වෙලාවට මේ කටයුතු අවසාන වෙලා ගෙදරට එන සංජීවනීට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ සුසන්තගෙන්.
‘සංජු අද මගේ යාළුවෝ පස් දෙනෙක් එනවා.’
‘එහෙම කිව්වා කියලා මම කවදාවත් එයත් එක්ක තරහ ගන්නේ නෑ. හැමෝටම කෑම උයනවා. මම ගොඩක් මහන්සි වුණු වෙලාවට සුසන්ත යාළුවො කිහිප දෙනෙක් එනවා කියලා කතා කරන කොට මගේ් ස්වරයේ මහන්සි බවක් දැනුණොත් ඔහු ඊට පිළියමක් යොදා ගන්නවා. බිරිඳක් වුණොත් එහෙම කැප කිරීමක් කළ යුතුයි. එහෙම නොවුණොත් සැමියා යාළුවන් සමඟ අවන්හලක් හොයා ගෙන යන එක අපිට වළක්වන්න බැහැ. ඒ තත්ත්වය වෙනස් කර ගන්න බිරිඳක් විදියට අපට තියෙන්නේ වගකීමක්. අපි දෙන්නා දෙන්නට ගරු කරනවා වගේම අප අතර තිබෙන්නේ හොඳ අවබෝධයක්.’
සංජීවනී - සුසන්ත කියන සොඳුරු කැදැල්ලේ සුන්දරත්වය රැඳිලා තියෙන්නේ මේ නිසාම නේද? කියලා අපිට හිතුණා.
‘සුසන්ත කියන්නේ බොරු ආටෝප නැති බොහොම සුන්දරව හිතන චාම්, සරල මනුස්සයෙක්. ඒ නිසාමදෝ ඔහු මට විශ්වාසයි. මට ඔහුව විශ්වාසයි. මම නිළියක්, නිවේදිකාවක්, ගායිකාවක් කියන කොයි භූමිකාවේ සිටියත් ඒ විශ්වාසය ආරක්ෂා කරන්න මා දන්නවා. මව කියන තනතුරේ ගෞරවය අපි දැන ගත යුතුයි. මම මවක්, බිරිඳක්. පවුලෙ අයට අගෞරවයක් නොවෙන්න ජීවත් වීම මගේ ප්‍රාර්ථනයයි. මේ සිතුවිලි සියල්ල අපේ පවුල තවත් සුන්දර කරනවා.’
මවක, බිරිඳක යන භූමිකාවන් පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්න සංජීවනි වැනි ළඳක් ලැබුණු සැමියෙක් කොයි තරම් වාසනාවන්ත ද? ඇගේ කැදැල්ලෙන් සමුගන්න මත්තෙන් අපට එහෙම හිතුණා.

සංජීවනී ගේ පවුලේ කවුරුත් කැමැති කුකුල් මස් වෑංජනය හදන විදියයි.
‘කුකුළු මස්වල තිබෙන තෙල් කෑලි සියල්ල ඉවත් කරගෙන ඉන් පසු හොඳට සෝදන්න. සෝදා ගත් කුකුළු මස්වලට බැඳපු තුනපහ, ලුණු කුඩු, කහ, සෝස් ටිකක් දමා හොඳින් අත ගා පැත්තකින් තබන්න. පැය බාගයක් එසේ තැබීම සෑහේ. ඊට පසුව තෙල් ටිකක් ලිප තබා රත් වන විට රම්පේ, කරපිංචා, සුදුලූනු, ලූනු, එනසාල්, කරදමුංගු, ඉඟුරු දමන්න. ඊටම බැඳපු මිරිස් සහ තුනපහ කුඩු ද දමා රන්වන් වූ පසුව මස් ටික දැමිය යුතුය. ඒ මිශ්‍රණය බාගයට තැම්බෙන්නට හැර වතුර කෝප්පයක් දමා හොඳින් තම්බා ගැනීම සුදුසුයි.
ඔබත් සංජීවනීගේ කුකුළු මස් ව්‍යංජනය ඒ ආකාරයට සාදා රස බලන්න.
http://www.sarasaviya.lk/2011/08/04/_art.asp?fn=sa1108043&pn=03

1 comment:

Anonymous said...

ayiyo oya dan naakiyine aanti.

Related Posts Plugin for WordPress, Blogger...