Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

නවතම සිංහල චිත්‍රපටය Super Six.පින්තූර බලන්න එන්න........

,

නවතම ආරෙක සිංහල චිත්‍රපයක් නොබෝදිනයකදීම ඔබේ සිනමා හලට ඒමට නියමිතයි.ඒ .උදාර පල්ලියගුරුගේ නිර්මාණයක් වන මෙය සය සාමාජික ක්‍රිකට් සමාජයක් වටා ගෙතුන පුවතකි.මෙම චිත්‍රපටය සදහා ප්‍රවීන මෙන්ම නවක තරු රැසක්ද රංගනයෙන් දායකවී තිබෙනවා.
මෙම චිත්‍රපටය සදහා සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, දුලීකා මාරපන, මැණිකේ අත්තනායක, පබෝධා සංදීපනී, අරුණි රාජපක්ෂ, මාලිකා සිරිසේනගේ, පුබුදු චතුරංග, චිත්‍රා වරකාගොඩ, ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, ජීවන් හඳුන්නෙත්ති, සරත් කුලාංග, ජනේෂ් සිල්වා, සුනෙත් චිත්‍රානන්ද, හේමාල් රණසිංහ, ශ්‍රීමාල් සත්‍යජිත්, සමන් ඒකනායක, එරංග ජීවන්ත, සමන් හේමරත්න ඇතුළු නළු නිළියන් ඇතුළු 600 කට අධික පිරිසක් රංගන දායකත්වය ලබාදී තිබේ.


මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සදහා ලංකාවට අමතරව ඉන්දියාව සහ මලයාසියාවද යොදාගෙන තිබෙනවා.
නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ආරියරත්න, ගී පද රචනයෙන් නිලාර් එන්. කාසිම්, වසන්ත දුක්ගන්නාරාළ සහ නන්දන වික්‍රමගේ, ගී තනු නිර්මාණයෙන් මහේෂ් දෙනිපිටිය හා ඉරාජ් වීරරත්න, ගායනයෙන් රූකාන්ත ගුණතිලක, චම්පා කල්හාරි, සුරේන්ද්‍ර පෙරේරා සහ ශිහාන් මිහිරංග යන අයද දායක වී තිබෙනවා.

1 comment:

Anonymous said...

Lagaan eke copy ekak... Sure etin...

Related Posts Plugin for WordPress, Blogger...