දිවයින පුවත්පතට තුති.....
ඊයේ දිවයින පුවත්පතේ පලවූ යන මැයෙන් පලවූ පුවත සම්බන්ධයෙන්ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශක ජෙනරාල් දිවයිනට සිය ස්තූතිය පල කර තිබෙනවා.එම පුවත්පතේ සදහන් වූයේ ඊට පෙර දිනයේදී එම දෙපාර්තමේන්තුව ඊට පෙරදින දිවයිනට එවා තිබූ නිවේදනයේ ඇති සිංහල යුනිකෝඩ් වැරදි සම්බන්ධයෙනි.මේ අද එම පුවත පිලිබදව දිවයින තැබු සටහනයි..
ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් "දිවයින"ට තුති පුදයි
"ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අලුත්ම සිංහල මෙන්න" මැයෙන් ඊයේ "දිවයින" පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තිය මගින් "වැරදි" පෙන්වාදීම ගැන ස්‌තුතිවන්ත වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා අප පුවත්පත වෙත ලිපියක් එවමින් සඳහන් කර සිටී.
එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.
ඊයේ (13 දා) ඔබ පුවත්පතේ පළ කර තිබූ ප්‍රවෘත්ති නිවේදනය මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් නිකුත් කර නොමැත. එහෙත් එය කොළඹ දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති ඒකකය මගින් සකස් කරගන්නා ලද ලිපි ශීර්ෂයක් යටතේ නිකුත් කරන ලද්දකි.
මෙසේ වෙනම සකස් කරගන්නා ලද ලිපි ශීර්ෂ යටතේ ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමේ බලයක් අප දිස්‌ත්‍රික් නිලධාරීන්ට ලබා දී නොමැත. මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට විනයානුකූලව කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
මෙම නිවේදනය සම්බන්ධයෙන් අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර මෙවැනි වැරදි පෙන්වා දීම ගැන ස්‌තුතිවන්ත වෙමි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment