තායිලන්තයේ කිඹුලන් මහමග?????
තායිලන්තයට මේ දිනවල බලපා ඇති දැඩි ගංවතුර හේතුවෙන් එරට ජන ජීවිතය දිනෙන් දිනම අර්බුධවලට මුහුන දී තිබෙනවා.එයට හේතුව ගංවතුරට අමතරව වෙනත් උවදුරුවලටද එරට ජනයාට මුහුනදීමට සිදුවීමයි.එරටින් ලැබෙන නවතම වාර්තාවකින් දැක්වෙන්නේ එරට ජනයාට මුහුනදීමට තිබෙන අලුත්ම තත්වය වී ඇත්තේ කිඹුලන්ගෙන් බවයි.එයට හේතුව එරටට බලපෑ අධික ගංවතුර නිසා එරට පිහිටි කිඹුල් ගොවිපල විසු කිඹුලන් වතුරත් සමග සාමාන්‍ය ජනයා ජීවත්වන ප්‍රදේශ වෙතද පැමිනීමයි.මේනිස එරට ජනයා කිඹුලන්ගේන් බේරා ගැනීමේ මෙහෙයුමක්ද එරට රජය ආරම්භ කර තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment