Pics-Divaina
දිවයින ලිපිය.
කණ්‌ඩලමේ ඛේදවාචකය
බස් රථය පිටවානට දමනවාත් සමග ඉදිරියට ඇදී ගොස් යතුරුපැදියේ ගැටී නතර වුණා
රථයේ ගමන් කළ මගියා සාක්‍ෂිදෙයි

දඹුල්ල - වෑවල මාර්ගයේ කණ්‌ඩලම පිටවාන අසලදී බස් රථයකට යටවීමෙන් යතුරු පැදියක ගමන් කළ අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ තෙමසක් වයසැති බිළිඳියත් මෙම සිද්ධියෙන් අනතුරට පත් වූහ.
ඔහු වැඩිදුරටත් මෙසේද කීවේය.
මම දඹුල්ල නගරයට යන්න වෑවල සිට ගමන් ආරම්භ කළ බස් රථයට උදේ 9.00 ට විතර නැග්ගා. මම බස් රථයේ ඉදිරිපසයි සිටියේ. බස් රථයේ මගීන් 50-60 ක් විතර සිටියා. බස් රථයට ඉදිරියෙන් යතුරු පැදියක්‌ද ගමන් කළා. ඒකේ ගමන් කළේ අපි සුදු මල්ලී කියා හඳුන්වන අනතුරින් මියගිය ගුණතිලක හේරත් සහ ඔහුගේ බිරිඳ හා දරුවා බව හඳුනා ගත්තා. කණ්‌ඩලම වැව මේ දිනවල වාන් දමනවා. අපි ගිය බස් රථය පිටවානේ බෑවුමට දමනවාත් සමග එක්‌වරම ඇදිලා වාගේ ගිහිල්ලා දඩාස් ගාලා යතුරු පැදියේ ගැටුණා.

මෙම අනතුරින් දඹුල්ල කුඹුක්‌කඳර වල පදිංචි පුද්ගලික බස් රථ රියෑදුරකු වන වෙදරාලලාගේ ගෙදර ගුණතිලක හේරත් (32) මහතා මිය ගියේය. ඔහුගේ දියණිය මල්මි දහම්සා (මාස 3) නම් බිළිඳිය ද සැඩ පහරට හසුව මියගියාය.
දඹුල්ල වැඩබලන හදිසි මරණ පරීක්‍ෂක එච්. එම්. ටී. බී. කොස්‌වත්ත මහතා ඉදිරියේ හදිසි මරණ පරීක්‍ෂණය දඹුල්ල රෝහලේදී පැවැත්විණි. දඹුල්ල පොලිසියේ පො.කො. (31961) එම්. එම්. බණ්‌ඩාරරත්න මහතා විසින් සාක්‍ෂි මෙහෙවීය.
එහිදී සාක්‍ෂි දුන් මියගිය ගුණතිලක හේරත්ගේ පියා වන ඩබ්ලිව්. ජී. අප්පුහාමි හේරත් මහතා මෙසේ කියා සිටියේය.
මම කුඹුක්‌කඳන්වල පුතාගේ නිවසේ සිටින විට 9.50 ට විතර ඇමතුමක් ආවා පුතා ගිය සයිකලය බස් රථයට යටවෙලා කියලා. මම වහාම එම ස්‌ථානයට ආවා. එවිට පුතාත්, දුවත් රෝහලට ගෙනිහිල්ලා පොලිසියේ අයත් ප්‍රදේශයේ තරුණයනුත් එකතුවෙලා කණ්‌ඩලම වැවේ පිටවාන් ඇළ සෝදිසි කරමින් සිටියා. මට තේරුම් ගියා දරු පැටියා සොයන බව. මම එතැනින් දඹුල්ල රෝහලට ආවා. එහිදී දැනගත්තා පුතා මියගොස් ඇති බව.
උදේ පුතායි දුවයි දෙන්නා ලෑස්‌තිවෙලා කුඩා අත දරුවාගේ මුත්‍රා පරීක්‍ෂණයක් කරන්න තියෙනවා කියලා යතුරු පැදියේ නැඟලා දඹුල්ලට ගියා. මුත්‍රා පරීක්‍ෂණය කරගෙන දඹුල්ලේ යසෝධරා පෙර පාසලේ ඉගෙනුම ලබන පුතාත් අරන් නැවත ගෙදර එනවා කියලයි ගියේ. මේක මට අදහගන්න බැහැ. මගේ වැඩිමල් පුතාත් මීට මාස 4 කට පෙර වල් අලියකු ගහලා මියගියා. එයා සමෘද්ධි නිලධාරියෙක්. බිරිඳත් එක්‌ක යතුරු පැදියේ යනවිටයි එම අනතුර සිදු වුණේ.
මෙහිදී එම ප්‍රදේශයේම පදිංචි තිලක් බණ්‌ඩාර සාක්‍ෂි දෙමින් මෙසේ කීය.
පිටවාන අසල අනතුරක් සිදුව ඇති බව ආරංචි වුණා. ඉක්‌මණට එතනට ආවා. පොලිසියේ අයත් ගමේ තරුණයනුත් එක්‌ව ජල පහරට ගසාගෙන ගිය දරුවා සෙව්වා. පිටවානේ ජලය බැස යන ඇළට සනත් බැහැලා පිහිනමින්, කිමිදෙමින් දරුවා සෙව්වා. පැය දෙකකට විතර පස්‌සේ ගසක අතුපතර රැඳී සිටි දරුවා ඔසවාගෙන උඩට ආවා. ඉන්පසුව වාහනයක දමාගෙන දඹුල්ල රෝහලට ගෙනගියා.
දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. ඩී. කේ. කේ. බණ්‌ඩාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වීය.
සීගිරිය - සරත් එරමිණිගම්මන
No comments:
Post a Comment