Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

මං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා-චමින්ද වාස්......

,
තමා  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දුයවන්නෙකු වන චමින්ද වාස් ප්‍රකාශ කරනවා.තමා පසුගිය තරගවල ඉතා හොදින් ක්‍රීඩාකල බවත්,මෙවර ලෝක කුසලානය ලංකාවට දිආ ගත හැකි බවත් ඔහු ප්‍රකාශ කලා.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද,ක්‍රීඩා සමාජ සදහා තමා තවදුරටත් ක්‍රීඩා කරනබවත්,තවමත් ඇගේ ක්‍රිකට් තිබෙන බවත් ඔහු මේ ඉරිදා දිව‍යිනට  ප්‍රකාශ කලා.
දිව‍යින ලිපිය


මම ජාත්‍යන්තර පිටියට සමුදෙනවා......
ඒත් ඇඟේ ක්‍රිකට්‌ තියෙනවා

-
චමින්ද වාස්‌


සනත් - මම කටවහගත්තා. ඒත් පිළට සුබ පතනවා

ඉකුත් 7 වැනිදා රාත්‍රියේත් ඊට පසුදිනත් මෙරට මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල ප්‍රධාන ක්‍රීඩා පුවත බවට පත්වූයේ "සනත් සහ වාස්‌ ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට" යන ප්‍රවෘත්තියයි. එම ප්‍රවෘත්තියෙන් සත් දිනකට පසු චමින්ද වාස්‌ සහ සනත් ජයසූරිය ගේ අදහස්‌ "දිවයින ඉරිදා ක්‍රීඩා සංග්‍රහය" පාඨකයන් වෙනුවෙන් මෙසේ පළ කිරීමට ප්‍රයත්න දැරුවෙමු.

එහෙත් අවාසනාවකට සනත් ජයසූරිය ඒ සඳහා අකමැත්ත පළ කළේය. "මම මේ දවස්‌වල කිසිම මාධ්‍යකට ප්‍රකාශ ලබා දෙන්නෙ නැහැ. කාගෙවත් හොඳ කියන්නවත් නරක කියන්නෙවත් නැතිව ඉන්න එක හොඳයි. හැබැයි මම ජයග්‍රහණය වෙනුවෙන් අපේ කණ්‌ඩායමට සුබ පතනවා." යනුවෙන් පමණක්‌ ජයසූරිය පැවසීය.

ජයසූරිය සහ වාස්‌ යනු මෙරට බිහිවූ සුපිරිම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙදෙනෙක්‌ය. එදා මෙන් අද ජයසූරියගේ පිත්ත ක්‍රියාත්මක නොවුනද චමින්ද වාස්‌ එදා මෙන්ම අදත් හොඳින් පන්දු යවයි. අවසන් 15 දෙනා අතරට ඒමට ඔහුට නොතිබුණේ වාසනාව පමණි. ලැබුණ හැම අවස්‌ථාවකදීම උපරිමය කර පෙන්වීය. එවන් මොහොතක මෙරට ක්‍රීඩාවට ලැදි පාඨක ජනතාව වෙනුවෙන් චමින්ද වාස්‌ මෙසේ සංවදයට එක්‌ විය.

ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධව මොනවද හිතෙන්නෙ?

වාස්‌ - තේරීම් කමිටුව ලංකාවෙ ඉන්න හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 15 දෙනා ලෝක කුසලාන සඳහා තෝරල තියෙනවා. ඒගොල්ල මුලින්ම 30 දෙනෙක්‌ තේරුවා. මම හිතන්නෙ අවසන් තරගවල හොඳට ක්‍රීඩා කරපු 15 දෙනා තෝරන්න ඇති.

ලෝක කුසලාන සංචිතයට එන්න තරම් දක්‍ෂතා පෙන්නුවෙ නැහැ කියල හිතෙනවද?

වාස්‌ - මට කරන්න පුළුවන් උපරිමය පසුගිය තරගවලදී කරල තියෙනව. මම කොහොමත් ඕනෑම තරගයකදී සියයට සියයක්‌ම උපරිමය කරන්න උත්සහ කරන කෙනෙක්‌. ඒ හින්ද මාව කණ්‌ඩායමෙන් ඉවත් කරා කියල දුකක්‌ නැහැ.

කණ්‌ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව කවුරු හරි ඉන්නව කියල හිතනවද?

වාස්‌ - කවුරුත් ඉන්නව කියල හිතන්නෙ නැහැ. තේරීම් කමිටුව, නායකයා, පුහුණුකරු එකතුවෙලා ඔවුන්ට ගැලපෙන කණ්‌ඩායම තෝරල තියෙනවා. මොකද අපේ රටේ මිලියන 20 කට විතර උත්තර දෙන්න පුළුවන් කණ්‌ඩායමක්‌ නම් කරල තියෙනවා.

කණ්‌ඩායමේ ස්‌ථාන අහිමි වෙන්න හේතුව මොකක්‌ද?

වාස්‌ - මම හිතන්නෙ අපිට හොඳ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක්‌ සංචිතයෙ ඉන්නවා. ලසිත් මාලිංගට මොනව හරි වුණොත් දිල්හාරව නම් කරල තියෙනවා. නුවන් කුලසේකර නව පන්දුවෙන් පන්දු යවන අනිත් ක්‍රීඩකයා. ඔහුට ආබාධයක්‌ ඇති වුණොත් මැතිව්ස්‌, තිසර වගේ ක්‍රීඩකයන් ඉන්න නිසා මට අවස්‌ථාව නොලැබෙන්න ඇති.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙන් පස්‌සෙ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නවා කිව්ව නේද?

වාස්‌ - ඔව්. මම අනිවාර්යෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් පස්‌සෙ කිව්ව වගේම ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නවා. හැබැයි දේශීය සහ විදේශීය තරගවලට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගේ ඇගේ තවම ක්‍රිකට්‌ තියෙන හින්ද.

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඉදිරියේදී ඔබ මොන වගේ සහයෝගයක්‌ද ලබා දෙන්න බලාපොරොත්තුව

වාස්‌ - තවම ඒ පිළිබඳ හිතල නැහැ.

කවුද මෙවර ලෝක කුසලාන දිනන්නෙ?

වාස්‌ - මම හිතන්නෙ අපේ රටට මෙවර දිනන්න හොඳ අවස්‌ථාවක්‌ තියෙනවා. ඒ සඳහා හොඳ කණ්‌ඩායමක්‌ ඉන්නවා. අපි හැමෝම එකතුවෙලා ඒ අයට ලෝක කුසලාන දිනන්න සුබ පතන්න ඕන.

අසේල විතාන

No comments:

Related Posts Plugin for WordPress, Blogger...