
මගෙ හිත මොනවද...
මුමුණනවා.//
ඔබ මෙම ගීතය අසා ඇති බවට කිසිදු සැකයක් නැත.ඒ කවුරුත් නොසිතූ පරිදි මෙම ගීතය ජනප්‍රිය වීමයි.මෙම ගීතයේ ඇති විශේෂත්වය ගොඩ කලකින් අපේ හද ස්පර්ශ කිරීමට මෙම නිර්මාණයට හැකි වීමයි.මෙම ගීතය ගායනා කරන්නේ මේකලා ගමගේය.ඇය දෑස් නොපෙනෙන ගායිකාවක් වුවත් මෙම ගීතයේ ජීව ගුණයට ඉන් ලද පිටුවහල ඉතා ඉහලයි.මෙහි රූප රචනයද කවුරුත් නොසිතූ පරිදි ජනප්‍රිය වුනේ මෙය නව ආරක ගීතයක් වීම නිසාය.මෙහි VIDEO දායක වී ඇත්තේ ආබාධිත තරුණ තරුනියන් පිරිසකි.අද වැනි කලක ආබාධිතයින්ගේ කුසලතා මෙන්ම ඔවුන්ගේ හඩටද මෙමගින් ලැබී අති දායකත්වය මිල කල නොහැකිය.ඇත්තටම මෙම ගීතය අප කාගේත් හද පතුල ස්පර්ශ කලේ නොදැනුවත්වමය.
වීඩියෝව පහතින්
ගායනය-මේකලා ගමගේ
සංගීතය-රුවන් වල්පොල
වීඩියෝව-නලින්ද ප්‍රේමරත්න
පද රචනය-එස්.හේරත් මැණිකේ
