ගඩාෆි මිය ගියාද??????
දෙවන සංස්කරණය..20/10/2011-17.57Pm
මේ වනවිට ගඩාෆි මිය ගිය බවට බොහෝ වාර්ථා ලැබෙමින් පවතිනවා.වාර්ථාවකින් කියැවෙන්නේ පාදයන් දෙකටම වෙඩි වැදී සිටි ගඩාෆි ගිලන් රථයක් ආධාරයෙන් ප්‍රතිකාර සදහා පිටත්වූ බවයි.අනතුරුව කියැවුනේ අසාධ්‍ය තත්වයේ පසුවූ ඔහු මිය ගිය බවයි.
ලිබියානු හිටපු නායක මුහම්මර් ගඩාෆි මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බවට මිය පුවතක් මේ වනවිට වාර්ථා වනවා.කෙසේ වෙතත් මෙය තවමත් තහවුරු කර ගෙන නැති අතර තවමත් ඒ පිලිබදව සොයාබැලීම්ද සිදු කරනවා.කෙසේ වතත් Al Jazeera මාධ්‍ය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්ථා කලේ ලිබියානු නායකයා සහ ඔහුගේ ප්‍රධාන හමුදා නිලධාරියා සිදුවූ වෙඩි හුවමාරුවකින් පසු මියගිය බවයි.මීට පෙර වාර්ථාවකින් දැක්වුනේ ගඩාෆි වෙඩි තැබීමකින් තුවාල ලැබූ අතර පසුව පලාගිය බවයි.තවත් නිල නොවන වාර්ථාවකින් කියැවුනේ ඔහු කැරලිකරුවන්ගේ අතඩංගුවට පත්වූ බවයි.
http://english.aljazeera.net/news/africa/2011/10/20111020111520869621.html
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment