ir a principal |
Ir a lateral
පෘතුවිය හා සමාන ග්‍රහලෝක තවත් තිබේද?එහි ජීවීන්ට වාසය කල හැකිද?ඒ මේ දිනවල කරන ලෝක ප්‍රසිද්ධ පර්යේෂණ කිහිපයකි.නමුත් පෘතුවිය හා සමාන වෙනත් ග්‍රහලෝකයක අත්දැකීම් කැටිකොට ගත් චිත්‍රපටියක් මේ දිනවල වාර්ථා තබමින් තිරගතවනවා.එය නමින්
වේ.මෙහි කතා පුවත ගෙතෙන්නේ ශිෂ්‍යාවක් වටාය.රාත්‍රී අහසේ ඇය දකින වෙනත් ග්‍රහලොව සහ ඒහා බැදුන සිදුවීම මෙම චිත්‍රපටියෙන් ප්‍රදර්ශනය වේ.Brit Marling,William Mapother ගෙන හැඩවන මෙම චිත්‍රපටිය විද්‍යා සහ පරීක්ෂන පිලිබදව වන කොටසට අයත්වේ.මෙම චිත්‍රපටිය පසුගිය මස 12 වනදින ප්‍රංශයේදී එලිදක්වන ලදි.
Trailer
ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගය අද බ්‍රසීලයේදී පැවැත්වීමට නියමිතයි.මෙම තරගාවලිය සදහා ලංකාවේන් ඉදිරිපත්ව සිටින්නේ ස්ටෙපනි සිරිවර්ධනයි.23 හැවරිදි ඇය කොලඹ පදිංචිකාරිනියකි.මේ ඇගේ එම තරගාවලියතුල ලබාගත් ජායාරූපයි.
ඇමරිකානු රූ රැජින තරගයේ අවසන් තරගය පසුගිය 15 දින රාත්‍රියේ ලාස් වේගාස් නගරයේදී පැවැත්විනි.මෙය ඇමරිකානු එක්සත් ජනපදයට අයත් රාජ්‍යන් කිහිපයක රූ රැජිනියන් අතර වාර්ෂිකව පැවැත්වෙන තරගයක් වන අතර,මෙහි ජයග්‍රාහිකාව විශ්ව රූ රැජින් තරගයට සහභාගීවීමේ අවස්ථාව උදා කරගන්නවා.මෙවර එහි ජයග්‍රහනය හිමි වුයේ 17වන වියේ පසුවන නෙබ්‍රස්කා ප්‍රාන්තය නියෝජනය කල තෙරේසා ස්කන්ලන් හටයි.ඇය තාමත් අධ්‍යාපනය ලබන අතර ඇයගේ බලාපොරොත්තුව වන්නේ විනිශ්චකාරිනියක් වීමට සහ දේශපාලනයට ඇතුල්වීමටයි.ඇයට ත්‍යාගයක් ලේස ඩොලර් 50000ක් හිමිවූ අතර මෙහි දෙවන ස්ථානය ඇරකන්සාස් ප්‍රාන්තය නියෝජනය කල ඇල්ස්යි ඒඩ්ය් විසින් දිනාගත්තා.
බංගලාදේශය සිය ලෝක කුසලාන තේමා ගීතය එලිදක්වනු ලැබුවා.මෙය වීඩියෝවක් ලේසින් තමයි එලිදක්වා තිබෙන්නේ.මීට පෙර ඉන්දියාව ලෝක කුසලාන තරගාවලිය සදහා තෙමා ගීතය ඉදිරිපත් කලද බොහෝදෙනෙකු එය ප්‍රතික්ශේප කිරීමක් අපට දැක ගත හකිවුනා.
මෙම වීඩීයෝව සැලකීමේදී ඔවුන් බොහෝවිට බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ රූපරාමු යොදාගෙන තිබෙනවා.
Video